Tuesday, April 5, 2016

ස්ත්‍රීත්වය...

වැලකට නොමැත වැර අරටුව උස යන්ට
ගසකට පමණි හැක්කේ එහි බර ගන්ට
දෙතැනක් නොදී දෙකටම සමතැන් දෙන්ට
හරයක් නැති ගහක් දවසක බිහි වෙන්ට

හැඩෙත් සලකලා වෙන්වෙන පිටත රුවෙන්
එකයි බින්දුවයි ගත්තොත් ඉලක්කමෙන්
බින්දු දහක් යෙදුවත් ඔය එකට කලින්
එකට පසුව බින්දුව දෙයි දහයෙ ගුණෙන්

දහස් ගණන් පරම්පරා මියයද්දී
කළ යුතු දෑ දෙකට බෙදා පිළිගද්දී
තමන් සතුව ඇති යුතුකම් සපුරද්දී
සක්වල ඉඳන් ගොඩ බැහැලද ලොකු සිද්දී

අනුරාධ :

එක එක සිද්ධි උඹ පානා වී සුද්දී
දුක දුක දැනේ බව දැනගෙන බොරු සිද්දී
නෙක නෙක පාන පද වැල් වල හඬ එද්දී
මොක මොක කරමි බොරු වාදා උඹ ඉද්දී

එකයි බින්දුවයි එකවී කොම්පියුටර්
ඇතැයි සවොම් ළඟ අද හයි පෆොමර්
මොකැයි කියනවයි උඹ කවි රිපෝටර්
නරකද එක්ව කෙරුවොත් කවි ඩිබේටර්

Friday, May 15, 2015

බඹරා...

චානක:
තලන බඹරු, මල් නොතලන සමනල් ලු...
දනිමි බාඳුරා කෘමියන් කන මල්          ලු...
දාස් පෙතිය මල වටේට මැස්සන්         ලු...
නෙළුම් මලකි හිරු කුමරා එනකං       ලු...

අනුරාධ:
එමල මෙමල සොය සොය යන සමනල්ලු...
නැතුව සොයන මල වෙයි සැම කනස්සලු...
නොසොයා ලොවෙත් නැති වන මල් දැකුම්කලු...
වැඩක් බලා දිවි ගෙවපන් නැසෙනසුළු...

චානක:
පිරුන   මල් ඇතත් පැණියෙන්, දැකුම්ක  ලු
සමන   ලුන් සොයන සමහර සමලොල්   ලු
කියන   එපා, කියනු වැනිය ඇද කකු       ලු
ගමන   උඩින් භයංකරයි සකි කුරු          ලු

අනුරාධ:
ගජ සෙයියෙන් වනනා ඔය බොරු වාග..
කටේ මිසය නැත කොහෙවත් ප්‍රායෝග..
මලක් නිසා නැත සැප විඳි කිසිම සග..
අසව් බලව් නොම දොඩ මෙන් කලි මාග..

චානක:
නොමැත අදහසක් මාඝගෙ සම්බන්දේ...
කාලිදාස මෙනි මං කවි පටබැන්දේ...
ගුත්තිල මෙන් නොවේ නොගනිමි හිතට වදේ...
නියමයි අනර්ඝයි ඔබ ලියු හතර පදේ...

කවිය - සීමාවක් ඇතුව ලියවෙන නිදහස් සිතුවිල්ල...

චානක :
බුදල්මි ආමි    ලු
සිතු සේ ලීව   ලු
විජ්ජුයි මේඝ  ලු
කුවේර නිවස ලු

චානා ආව       ලු
මේලෙස කීව  ලු
සතුට පමණයි ලු
පුරාණ වැලක් ලු

ගොතලා හෙළුව චනා....
වනනවා මෝඩ චනා....
හිතනව වැඩිය චනා....
නොකරන් රට්ටු හිනා....

දැකලා මේවා හිනා...
යනවා ඉල ඇදිලා...
අපි ඇයි කල් කාලා...
නටන්නේ මේ බයිලා... 

නිසඳැස් සඳැස් ලෙස කවි වල වර්ග දෙක යි
දෙපිලක් අතර වාදෙට ඉන් සඳැස හොඳ   යි
සිව්පද වුණත් පද හතරක් විතර නොවෙ   යි
එළිවැට එළිසමය ලෙස තව නීති ගොඩ   යි

සැමට එක පදෙන් නැතුවට යොදාලා
මුලට, අගට මෙන් එළිවැට තබා   ලා
කටට සවි අරන් තාලෙට කියා      ලා
කරට කර වරෙන් වාදෙට හැපී      ලා

අනුරාධ :
නිසදැස් කවි සිතා ලියනා වැනි රචනා...
නොහැක වයන්නට කවි මෙන් මේ වචනා...
වැඩ මිස නොවෙයි මම කවි ගැන බොරු මවනා...
ඇති නොවැ දෙඩුව හිස් බස් මුලු ලොව රවටා....