චානක:
තලන බඹරු, මල් නොතලන සමනල් ලු...
දනිමි බාඳුරා කෘමියන් කන මල් ලු...
දාස් පෙතිය මල වටේට මැස්සන් ලු...
නෙළුම් මලකි හිරු කුමරා එනකං ලු...
අනුරාධ:
එමල මෙමල සොය සොය යන සමනල්ලු...
නැතුව සොයන මල වෙයි සැම කනස්සලු...
නොසොයා ලොවෙත් නැති වන මල් දැකුම්කලු...
වැඩක් බලා දිවි ගෙවපන් නැසෙනසුළු...
චානක:
පිරුන මල් ඇතත් පැණියෙන්, දැකුම්ක ලු
සමන ලුන් සොයන සමහර සමලොල් ලු
කියන එපා, කියනු වැනිය ඇද කකු ලු
ගමන උඩින් භයංකරයි සකි කුරු ලු
අනුරාධ:
ගජ සෙයියෙන් වනනා ඔය බොරු වාග..
කටේ මිසය නැත කොහෙවත් ප්‍රායෝග..
මලක් නිසා නැත සැප විඳි කිසිම සග..
අසව් බලව් නොම දොඩ මෙන් කලි මාග..
චානක:
නොමැත අදහසක් මාඝගෙ සම්බන්දේ...
කාලිදාස මෙනි මං කවි පටබැන්දේ...
ගුත්තිල මෙන් නොවේ නොගනිමි හිතට වදේ...
නියමයි අනර්ඝයි ඔබ ලියු හතර පදේ...
No comments:
Post a Comment