චානක:
තලන බඹරු, මල් නොතලන සමනල් ලු...
දනිමි බාඳුරා කෘමියන් කන මල් ලු...
දාස් පෙතිය මල වටේට මැස්සන් ලු...
නෙළුම් මලකි හිරු කුමරා එනකං ලු...
අනුරාධ:
එමල මෙමල සොය සොය යන සමනල්ලු...
නැතුව සොයන මල වෙයි සැම කනස්සලු...
නොසොයා ලොවෙත් නැති වන මල් දැකුම්කලු...
වැඩක් බලා දිවි ගෙවපන් නැසෙනසුළු...
චානක:
පිරුන මල් ඇතත් පැණියෙන්, දැකුම්ක ලු
සමන ලුන් සොයන සමහර සමලොල් ලු
කියන එපා, කියනු වැනිය ඇද කකු ලු
ගමන උඩින් භයංකරයි සකි කුරු ලු
අනුරාධ:
ගජ සෙයියෙන් වනනා ඔය බොරු වාග..
කටේ මිසය නැත කොහෙවත් ප්‍රායෝග..
මලක් නිසා නැත සැප විඳි කිසිම සග..
අසව් බලව් නොම දොඩ මෙන් කලි මාග..
චානක:
නොමැත අදහසක් මාඝගෙ සම්බන්දේ...
කාලිදාස මෙනි මං කවි පටබැන්දේ...
ගුත්තිල මෙන් නොවේ නොගනිමි හිතට වදේ...
නියමයි අනර්ඝයි ඔබ ලියු හතර පදේ...
Friday, May 15, 2015
කවිය - සීමාවක් ඇතුව ලියවෙන නිදහස් සිතුවිල්ල...
චානක :
බුදල්මි ආමි ලු
සිතු සේ ලීව ලු
බුදල්මි ආමි ලු
සිතු සේ ලීව ලු
විජ්ජුයි මේඝ ලු
කුවේර නිවස ලු
චානා ආව ලු
මේලෙස කීව ලු
සතුට පමණයි ලු
පුරාණ වැලක් ලු
අනුරාධ :
ගොතලා හෙළුව චනා....
වනනවා මෝඩ චනා....
හිතනව වැඩිය චනා....
නොකරන් රට්ටු හිනා....
දැකලා මේවා හිනා...
යනවා ඉල ඇදිලා...
අපි ඇයි කල් කාලා...
නටන්නේ මේ බයිලා...
චානක :
නිසඳැස් සඳැස් ලෙස කවි වල වර්ග දෙක යි
දෙපිලක් අතර වාදෙට ඉන් සඳැස හොඳ යි
සිව්පද වුණත් පද හතරක් විතර නොවෙ යි
එළිවැට එළිසමය ලෙස තව නීති ගොඩ යි
දෙපිලක් අතර වාදෙට ඉන් සඳැස හොඳ යි
සිව්පද වුණත් පද හතරක් විතර නොවෙ යි
එළිවැට එළිසමය ලෙස තව නීති ගොඩ යි
සැමට එක පදෙන් නැතුවට යොදාලා
මුලට, අගට මෙන් එළිවැට තබා ලා
කටට සවි අරන් තාලෙට කියා ලා
කරට කර වරෙන් වාදෙට හැපී ලා
මුලට, අගට මෙන් එළිවැට තබා ලා
කටට සවි අරන් තාලෙට කියා ලා
කරට කර වරෙන් වාදෙට හැපී ලා
අනුරාධ :
නිසදැස් කවි සිතා ලියනා වැනි රචනා...
නොහැක වයන්නට කවි මෙන් මේ වචනා...
වැඩ මිස නොවෙයි මම කවි ගැන බොරු මවනා...
ඇති නොවැ දෙඩුව හිස් බස් මුලු ලොව රවටා....
නිසදැස් කවි සිතා ලියනා වැනි රචනා...
නොහැක වයන්නට කවි මෙන් මේ වචනා...
වැඩ මිස නොවෙයි මම කවි ගැන බොරු මවනා...
ඇති නොවැ දෙඩුව හිස් බස් මුලු ලොව රවටා....
විචාරකයෝ.....
චානක :
පළමුව අදහස හිතේ මැවෙන්නේ
දෙවනුව ඒ මත වචන යොදන්නේ
වෙනස්ම අරුතකි කවියට එන්නේ
චානක එහෙමයි පද ගළපන්නේ
අනුරාධ:
හිතේ මැවෙන හැම මගුලම දොඩවන්නේ...
අදහස මැවෙන නැත කිසිවෙකු තේරෙන්නේ...
බයිලා නොවේද මේ මිනිහ කියවන්නේ...
අත්වේ පින් නොම කියවා පලයන්නේ...
චානක :
බුද්ධියෙන් සපිරි මිනිසුන් සිටියාට...
අර්ථයෙන් පිරුණු දේවල් කීවාට...
මෝඩයන් ට නොහැකියි තේරුම් ගන්ට...
ජීවිතෙන් ම ගෙවන්න විය ගැලීලිට...
අනුරාධ :
දිවිය ඇත්තේ ගෙවන්න මිස නොයෙක් අන...
නුඹ කියනා දෙකෙන් එකක් වැට නොහෙන...
කියන දෙයක් තේරෙන්නට කියනු මැන...
ඇතත් නැතත් බුද්ධිය තේරුම් ගන්න...
පළමුව අදහස හිතේ මැවෙන්නේ
දෙවනුව ඒ මත වචන යොදන්නේ
වෙනස්ම අරුතකි කවියට එන්නේ
චානක එහෙමයි පද ගළපන්නේ
අනුරාධ:
හිතේ මැවෙන හැම මගුලම දොඩවන්නේ...
අදහස මැවෙන නැත කිසිවෙකු තේරෙන්නේ...
බයිලා නොවේද මේ මිනිහ කියවන්නේ...
අත්වේ පින් නොම කියවා පලයන්නේ...
චානක :
බුද්ධියෙන් සපිරි මිනිසුන් සිටියාට...
අර්ථයෙන් පිරුණු දේවල් කීවාට...
මෝඩයන් ට නොහැකියි තේරුම් ගන්ට...
ජීවිතෙන් ම ගෙවන්න විය ගැලීලිට...
අනුරාධ :
දිවිය ඇත්තේ ගෙවන්න මිස නොයෙක් අන...
නුඹ කියනා දෙකෙන් එකක් වැට නොහෙන...
කියන දෙයක් තේරෙන්නට කියනු මැන...
ඇතත් නැතත් බුද්ධිය තේරුම් ගන්න...
Subscribe to:
Posts (Atom)