Friday, May 15, 2015

විචාරකයෝ.....

චානක :
පළමුව අදහස හිතේ   මැවෙන්නේ 
දෙවනුව ඒ මත වචන  යොදන්නේ
වෙනස්ම අරුතකි කවියට එන්නේ
චානක එහෙමයි පද    ගළපන්නේ

අනුරාධ:
හිතේ මැවෙන හැම මගුලම      දොඩවන්නේ...
අදහස මැවෙන නැත කිසිවෙකු තේරෙන්නේ...
බයිලා නොවේද මේ මිනිහ         කියවන්නේ...
අත්වේ පින් නොම කියවා           පලයන්නේ...

චානක :
බුද්ධියෙන් සපිරි මිනිසුන්         සිටියාට...
අර්ථයෙන් පිරුණු දේවල්           කීවාට...
මෝඩයන් ට නොහැකියි තේරුම් ගන්ට...
ජීවිතෙන් ම ගෙවන්න විය        ගැලීලිට...

අනුරාධ :
දිවිය ඇත්තේ ගෙවන්න මිස නොයෙක්  අන...
නුඹ කියනා දෙකෙන් එකක් වැට නොහෙන...
කියන දෙයක් තේරෙන්නට කියනු       මැන...
ඇතත් නැතත් බුද්ධිය තේරුම්           ගන්න...

No comments:

Post a Comment